අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

s2.jpeg
s2.jpeg

කෑ/ අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ අතීතය 1901 දී යටත් විජිත යුගයේ මිෂනාරී අධ්‍යාපනය තෙක් දිව යයි. යටත් විජිත යුගයේ මිෂනාරී අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස සැල්වේෂන් ආර්මි (Salvation Army) සමාගම විසින් මෙය ආරම්භ කරන ලදී.

ආරම්භක බිම්කඩ වූයේ අටුගොඩ තැන්න නැමැති ඉඩමක ඉදිවූ තාවකාලික ගොඩනැගිල්ලකි. යාබද කුඹුරු හිමියන් විසින් පරිත්‍යාග කරන ලද අක්කර අටෙන් එකක ප්‍රමාණයකට 1906 දී පාසල ගෙනගොස් ඇත. එකල ගුරුවරු 4ක් ඩෙස්ක් 7ක් බංකු 7ක් හා අඩි 20 හා 40 ගොඩනැගිල්ලක් පාසල සතු විය.

මුල්ම විදුහල්පති වරයා වූයේ හේවාදිවෙල ගේබ්බි්‍රයෙල් මහතාය. මුල් ම සිසුවා වුයේ සියාතුවා සිසුවාය. ආරම්භක සිසුන් ගණන 4කි. සියළුම ගුරුවරුන් ක්‍රිස්තියානි භක්තිකයන් වූ අතර පාසලේ නම වූයේ SA පාසල හෙවත් සැල්වේෂන් ආර්මි පාසල යන්නයි.

1962 දී මෙම පාසල රජයට පවරාගත් අතර එකල ගුරුවරු 6ක් පරිමි සිසුන් 185ක් හා ගැහැනු සිසුවියන් 157ක් ලෙස මුළු සිසුන් 342ක් සිටිය හ. 1962 දී මෙම පාසල රජයට පවරා ගැනීමෙන් පසු කෑ/ අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය ලෙස නම වෙසන් කරන ලදී. 1965 දී මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1972 දී අක්කර 5ක් පවරා ගැනීමෙන් පසු පාසලේ 6-11 කොටස එම භූමියට ගෙන යන ලදී.

ආරම්භ කළ වර්ෂය

1901 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

04

මුල් ගුරුතුමාගේ නම

හේවාදිවෙල ගේබ්බි්‍රයෙල් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

SA පාසල හෙවත් සැල්වේෂන් ආර්මි පාසල

පාසල රජයට පවරාගත් දිනය

1962 

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

සියාතුවා සිසුවා